බන්ධනාගාර බසයේ ජනේලයෙන් පැන්න කොරෝනා රැඳවියා බාරවෙයි


 (නිමන්ති රණසිංහ)

බූස්ස බන්ධනාගාරයේ සිට අගුණකොළපැලැස්ස ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත රැගෙන යමින් සිටියදී බන්ධනාගාර බසයේ ඡනේලය කඩා පැන ගිය කොරෝනා ආසාදිත රැඳවියා බන්ධනාගාර මුලස්ථානයට බාරවීමෙන් පසු රෝහල් ගත කළ බව බන්ධනාගාර කොමසාරිස් පාලන මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම රැඳවියා ඊයේ (27) බන්ධනාගාර මුලස්ථානයට ලබා දුන් දුරකතන ඇමතුමකට අනුව බන්ධනාගාර නිලධාරින් සහ පොලීසිය ඔහු රැගෙන විත් මේ වන විට බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද ඔහු සදහන් කරයි.

මොහු පානදුර ප‍්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයකු වන අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ රඳවා සිට පසුව බූස්ස බන්ධනාගාරයට යොමු කළ අයකු බව ද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි