බන්ධනාගාර බසයක් වීඩියෝ ගත කළ කතක් රිමාන්ඩ් බාරයට


(ජේ.කේ.එල්.චාමින්ද )

උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැදවියන් රැගෙන එමින් සිටි බන්ධනාගාර බස් රථයක් රහසි ගතලෙස සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් සිටි දෙදරු මවක ලබන 4 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි  උඩුගම ප්‍රධාන මහෙස්ත්‍රාත් හේමන්ත පුෂ්ප කුමාර මහතා නියම කළේය. 

මෙසේ රිමාන්ඩ් කර ඇත්තේ හිනිදුම හල්විටිගල ප්‍රදේශයේ පදිංචි හතළිස් හය හැවිරි  කාන්තාවකි.

ඇය උඩුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට සිට සිය ජංගම දුරකථනය කොළයකින් වසාගෙන රහසිගත ලෙස බන්ධනාගාර බස් රථය වීඩියෝ ගත කොට ඇති බැව් පරීක්‍ෂණවලදී අනාවරණය වීඇත.

පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර යම්කිසි අපරාධයක් කිරීම සඳහා මෙම කාන්තාව විසින් බන්ධනාගාර බස් රථය ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීම සිදු කළාද යන්න පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම කාන්තාවගේ පුත්‍රයකු මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අයකු බවද පොලිසිය පවසයි.

උඩුගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කන්නන්ගර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.