
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බන්ධනාගාර තුළ පවතින නිලධාරි හිඟය හේතුවෙන් බොහෝ බන්ධනාගාර නිලධාරින් හට සිය නියමිත රාජකාරි වේලාවන්ගෙන් අනතුරුව රාජකාරි වල නිරත වීමට සිදු වන බැවින් ඔවුන් සඳහා නේවාසික පහසුකම් සපයා දීම අත්‍යවශ්‍ය වී තිබේ.
එහෙත්, සියලුම බන්ධනාගාර වල පාහේ ප්‍රමාණවත් නේවාසික පහසුකම් නොමැති වීම හේතුවෙන් දැනට පවතින නේවාසික ස්ථාන නවීකරණය කිරීම සහ ඉඩ පහසුකම් සහිත ස්ථානවල අලුතින් නේවාසික පහසුකම් ඉදිකිරීම සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එම වැඩසටහනේ පළමු අදියර වශයෙන් ප්‍රමුඛතා පදනම මත 2026 වර්ෂය තුළ දී පහත සඳහන් පරිදි බන්ධනාගාර නිලධාරින් සඳහා නේවාසික පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
* වැලිකඩ බන්ධනාගාරයේ බැරැක්ක දෙකක් ඉදිකිරීම.
* අනුරාධපුර බන්ධනාගාරයේ බැරැක්කයක් ඉදිකිරීම.
* සියලුම බන්ධනාගාර ආයතනවල බැරැක්ක නවීරකණය හා සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම.

