( නිමන්ති රණසිංහ )
බන්ධනාගාර නිලධාරීන් සඳහා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම හෙට (29) සිට ආරම්භවන බව බන්ධනාගාර කොමසාරිස් ( පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් බන්ධනාගාර නිලධාරීන් 5,153 දෙනකු සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබා දීම මෙසේ සිදුකෙරන බවද ඔහු සඳහන් කළේය .
බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩබන්ධනාගාරය,කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය,මැගසින් බන්ධනාගාරය,කලුතර ,කුරුවිට,මීගමුව ,පල්ලන්සේන,වටරැක හා අඹේපුස්ස යන බන්ධනාගාරයන්හි නිලධාරීන්ට ලබාදීම සිදු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
මෙය ලබන 8 වැනිදා තෙක් සිදු කිරීමට නියමිත බවද මාධ්‍යප්‍රකාශකවරයා කීවේය.

