බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඉවත් කරන්න යයි


(නිමන්ති රණසිංහ සහ දිල්රුක්ෂි ග්‍රේරු)
 
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  නිශාන්ත ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
 
පසුගිය වකවානුවේ සිදුවූ සිදුවීම් කිහිපයක් පාදක කරගෙන ධනසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමට යන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ධනසිංහ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට පත් කරන්නේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් තීරණයක් ගෙන නැතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා අධිකරණ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.