නාලක සංජීව දහනායක.
පසුගිය රජය සමයේ ඉන්ධන මිළ ගණන් පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් පුවත්පත්වල පළකරන ලද දැන්වීම්වල තොරතුරු ඉල්ලමින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මුදල් අමාත්‍යංශයට අයඳුම්පතක් යොමු කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව එම දැන්වීම් සඳහා වැයවූ මුදල, දැන්වීම් ලබාදෙන ලද ආයතන ප‍්‍රමාණය, ප‍්‍රචාරක කටයුතු සිදුකළ ආයතන ආදිය පිළිබඳව තමන් තොරතුරු ඉල්ලූ බවද කීය.
මහින්ද රාජපක්‍ෂ රජය සමයේ ඉන්ධන මිළ පිළිබඳව ව්‍යජ තොරතුරු සඳහන් කරමින් පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් මුදල් අමාත්‍යංශය මහජන මුදල් අවභාවිතා යෙදෙන බවද කීය.
මෙම තොරතුරු ලබාගැනීමෙන් පසුව ව්‍යාජ තොරතුරු පළකරමින් මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයට විරුද්ධව නඩු පවරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.