බදුලු බණ්ඩාරවෙලට නාය අනතුරු ඇඟවීම්


ඩයනා උදයංගනී 
 
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

 
එම දිස්ත්‍රික්කයේ පස්සර, ලූණුගල, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි මෙම අවදානම පවතින බව එම ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
 
එම ප‍්‍රදේශයන්හි කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑම් ලක්‍ෂණ ඇතිවන්නේද යන්න පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.