බදුලු දුම්රිය වැසිකිලියේ නාදුනන මළසිරුරක්



 
(පාලිත ආරියවංශ )
 
කොළඔ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලිය තුළ මියගොස් සිටි පුද්ගලයකුගේ  දේහය දුම්රිය ආරක්ෂක අංශය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අද (23) උදේ පොලිසියට බාරදුන් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

වයස අවුරුදු 55 ක් පමණ වන මරණකරුගේ අනන්‍යතාව‍ය මෙතෙක් අනාවරණය වී නොමැත.

මෘතදේහය පරීක්ෂණ සඳහා බණ්ඩාරවෙල දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බවත් බණ්ඩාරවෙල පොලිසිය  පවසයි .