
(සමන් පාලිත නානායක්කාර)
පවතින වර්ෂාව සමඟ ඊයේ 24 රාත්‍රී ගල් පර්වත සහ පස් කඳු කඩා වැටී හල්දුම්මුල්ලෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය එක් මන්තීරුවක් පමණක් ගමනාගමනය සඳහා විවෘත කළ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
කෙසේ වෙතත් මෙම ස්ථානයේ පවතින අවදානම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නැති බැවින් එම ස්ථානය පසුකරන රථ වහන රියදුරන් දැඩි විමසිල්ලෙන් යුතුව එම ස්ථානය පසු කළ යුතු බවද හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.
දැඩි බෑවුම් සහිත කදු මුදුනේ මාර්ගයට ඉහළින් විශාල ගලක් සහ ගසක් අස්ථාවරවී ඇති බවක් නිරීක්ෂණය වූ බැවින් අදාල අංශ මේ වන විට දැනුම්වත් කළ බව හල්ලුමුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම් ජගත් කුමාර රාජපක්ෂ මහතා පැවසීය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය අද දිනය තුළ මෙම ස්ථානය පරීක්ෂා කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

