බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි


(ප්‍රසාද් රුක්මාල්)
 
බදුල්ල නගරයේ  ප්‍රධාන බස් නැවතුම්පොළේ දී  අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට  අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි  පොලිසිය පවසයි.

බරපතල කැපුම් තුවාල ලැබු මොනරාගල දඹගල්ල පදිංචි  රියදුරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

සිද්ධියෙන්  රියදුරුගේ මුහුණට හා අත්වලට තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.