(එෆ්.අස්ලම්)
අධීක්ෂණ රාජකාරි සඳහා බදුල්ල ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයට පැමිණ ඇති බදුල්ල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරියක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම විද්‍යාලයේ පෞද්ගලික හා අභ්‍යන්තර ලිපිගොනු තොගයක් රැගෙන ගොස් තිබේ.
බදුල්ල අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂවරියකගේ අනුදැනුම මත විද්‍යාලයේ විදුහල්පතිවරියගේ කාර්යාලයට ඇතුළු වී තමාගේ අනුදැනුමකින් තොරව මෙකී ලිපිලේඛන රැගෙන ගොස් ඇති බවට එම විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී තිබේ.
පසුගිය 13 වැනිදා බදුල්ල කලාපයේ නිලධාරීන් පිරිසක් විද්‍යාලයේ බාහිර අධීක්ෂණ කටයුතු සඳහා පැමිණ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සමාලෝචන රැස්වීමට කැඳවූ අවස්ථාවේදී මෙම ලිපිගොනු සොරාගෙන ඇත.
පසුදින 14 වැනිදා ලිපිගොනු අස්ථානගත වී ඇති බව සැලවීමෙන් පසු විදුහල්පතිනිය කාර්යාලයේ සිටි අනධ්‍යන සේවකයකුගෙන් විමසා ඇති අවස්ථාවේදී අධ්‍යාපන කලාපයේ නිලධාරියකු මැඩම් ගේන්න කීවා යැයි කියමින් ලිපිගොනුව රැගෙන ගිය බව පවසා තිබේ.
ඒ අනුව විදුහල්පතිනිය බදුල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඇති විදුහල්පතිනිය මේ පිළිබඳ පාසල් සංවර්ධන සමිතිය ද කැඳවා අවධාරණය කර ඇත.
ඌව පළාතේ එකම මුස්ලිම් කාන්තා විද්‍යාලය වන මෙම විද්‍යාලයට යම් හිරිහැරයක් සිදුකිරීමේ අරමුණින් මෙම ලිපිගොනු සොරාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරමින් අදාළ පියවර ගතයුතු බවත් පාසල් සංවර්ධන සමිතිය ද අවධාරණය කර සිටින අතර එම ඉල්ලීම ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතාට ද යොමුකර ඇත්තේ ඒ අනුවය.

