බදුල්ලේ උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්


(ඇල්ල ප්‍රසාද් රුක්මල් සහ සමන්පාලිත නානායක්කාර)

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් අවහිර වී ඇති මාර්ග අපහසුතාව නිසාවෙන් බදුල්ල සිට බණ්ඩාරවෙලටත්, බණ්ඩාරවෙල සිට බදුල්ල ටත් පැමිනෙන උසස් පෙළ විභාග අපේක්ෂකයින් වෙනුවෙන් බදුල්ල මධ්‍ය මහ විදුහලේ සහ බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ විභාග ශාලාවේ පහසුකම් සලසා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච් .ජේ.ඇම්.සී.අමිත් ජයසුන්දර මහතා පවසයි.

ඒ අනුව බදුල්ල සිට බණ්ඩාරවෙල යන උසස් පෙළ විභාග අපේක්ෂකයින් ට බදුල්ල මධ්‍යම මහ විදුහලේ ද, බණ්ඩාරවෙල සිට බදුල්ල එන විභාග අපේක්ෂකයින් ට බණ්ඩාරවෙල මධ්‍යම මහ විදුහලේ ද උසස් පෙළ විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසූ බව පවසන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා එවැනි ප්‍රවාහන අපහසුතා ඇති විභාග අපේක්ෂකයින් සිටීනම් විභාගය ආරම්භ වීමට විනාඩි 45 කට කලින් එම විභාග මධ්‍යස්ථාන කරා පැමිනෙන ලෙසට දැනුම් දෙයි .

ප්‍රවාහන අපහසුතා නොමැති උසස් පෙළ විභාග අපේක්ෂකයන් සාමාන්‍ය පරදි තමන්ට හිමි විභාග මධ්‍යස්ථානයට ගොස් උසස් පෙළ විභාගයට පෙනී සිටින ලෙසට විභාග කොමසාරිස් ජනරාල් වරයා දැනුම් දී සිටි .