පෝස්ටර් අලවමින් සිටි මහියංගණයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළැයි චෝදන ලැබ සිටි බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා සහ ඔහුගේ ආධාරකරුවන් 5 දෙනකුට එක් අයකුට රුපියල් 20,000 බැගින් මුදල් ඇප හා එක් අයකුට රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප ලබාදීමට මහියංගණය මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය අද (14) නියෝග කළාය.
තේනුක විදානගමගේ සමග මංගල ප්‍රසංග කුමාර, කළුආරච්චි ප්‍රේමතිලක, කමල් උපශාන්ත විදානගමගේ, තේනුක අමිත් විදානගමගේ, සම්පත් ශාන්ත කුමාර වික්‍රමසිංහ සහ ඩබ්ලිව්.ජී.ධම්මික රණසිංහ යන පිරිස එසේ ඇප මත මුදාහරිනු ලැබූහ.

