(පාලිත ආරියවංශ)
බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ 31 දෙනෙකු අද (5) කොරෝනා වයිරස ආසාදිතයින් බව හඳුනාගෙන තිබේ.
මේ අතර වෛද්‍යවරයෙක් , කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් රෝගීන් හා රෝගින් බලාගැනීමට සිටි 29 දෙනෙක් වෙති.
මීට පෙර ඉකුත් 2 වනදා මේ වාට්ටුවේ හෙදියක් ආසාදිතයෙන් බවට හදුනාගත් අතර තවත් හෙදියක් හා කණිෂ්ඨ සේවකයන් දෙදෙනෙකු හා රෝගයෙක් ආසාදිතයින් බව ඊයේ (4) හඳුනා ගැණිනි.
මේ තත්වය මත සිදුකළ පී.සී. ආර් පරික්ෂණ වලදී අද දින අලුතින් 29 දෙනෙකු මේ වාට්ටුවෙන් ආසාදිතයන් බව හදුනාගෙන තිබේ .
මේ හේතුවෙන් පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් පියවර ගනු ලැබීය.
රෝහල් කාර්ය මණ්ඩලයේ ආසාදිතයන් සියළු දෙනා කොවිඩ් මර්ධන එන්නත ලබාගෙන සිටි අය බවද දැනගන්නට ඇත.



