පාලිත ආරියවංශ
බදුල්ල මහරෝහලේ වෛද්‍යවරු තිදෙනෙක් හා ඉංජිනේරුවන් තිදෙනෙක් එක්ව නව කොරෝනා වයිරසරය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ අත්‍යාවශ්‍ය වන කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක් නිපදවා තිබේ .
දේශීය නිෂ්පාදනයක් වන මෙම යන්ත්‍රය නිපදවීම සදහා වැය කර ඇති මුදල රුපියල් 85000 කි .
එහෙත් වෙළදපොළ මිල රුපියල් ලක්ෂ 15ත් 20 ත් අතර පවතින බව වෛද්‍යවරු පවසති .
එම යන්ත්‍රය අද ( 14) බදුල්ල මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක්විය .




