බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාව තර කරයි


(පාලිත ආරියවංශ)

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ අධික්ෂණ යටතේ බදුල්ල බන්ධනාගාරයේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදවා ඇතැයි ආරක්ෂක අංශ ජෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පසුගියදා ගැටුම් ඇතිවූ මහර බන්ධනාගාරයෙන් රැගෙන ආ රැඳවියන් දහ දෙනකුද මෙම බන්ධනාගාරයේ රඳවා තිබේ.

බුද්ධි අංශ නිළධාරින් පැය 24 පුරාම සෝදියෙන් පසුවන බව ද ආරක්ෂක නිලධාරියෙක් පැවසීය.