බදුල්ල පොලිසියේ උණුසුම් තත්ත්වයක්


ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනිය සම්බන්ධ සිද්ධියට කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇත.

ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි කියමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම හේතුවෙන් පොලිස් ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. 

(ඡායාරූප ප්‍රසාද් රුක්මාල්)