බදුල්ල ප්‍රාදේශීය සභාව වසයි


(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් හේතුවෙන් බදුල්ල ප්‍රාදේශීය සභාව අද පස්වරුවේ සිට ලබන 17වන දින තෙක් වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා පවසයි .

බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභා ලේකම්වරියගේ සැමියාට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග කෝවිඩ් වයිරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා බදුල්ල ප්‍රාදේශීය සභාව සතියක කාලයක් පුරා වසා දැමීමට තීරණය කළ බවද හෙතෙම කීය .

බදුල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලය,දමන්වර පිහිටි උපකාර්යාලය, ආයුර්වේද මධ්‍යස්ථානය ,පුස්තකාලය  වසා දැමූ බව බදුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති රම්‍යසිරි මන්තිලක මහතා සදහන් කළේය .

කෙසේ වෙතත්  ප්‍රදේශයේ සිදුකරන කැලිකසල එකතු කිරිම ,පිරිසිදු කිරීම , කෝවිඩ් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ,විෂබිජහරනය කිරිම , සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද කටයුතු , සනීපාරක්ෂක කටයුතු සාමාන්‍ය පරදි සිදුකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .