සම්මත ප්‍රොටකෝල් ක්‍රමය මගහැර මුස්ලිම් නිවාස යෝජනා ක්‍රමයක් සඳහා ඇමැති රිෂාඩ් බදුර්දීන් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්ට කළ ඉල්ලීම දේශපාලන අංශයන්හි කනස්සල්ලට හේතු වී ඇත.
ජාතික හෙළ උරුමයේ ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනුයේ කිසියම් ජනවාර්ගික කොටසක් මුල් කැර ගෙන ආධාර ඉල්ලීම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවයි.
ඒ සම්බන්ධයෙන් 2009 දී ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවක් ඔහු සිහිපත් කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් ජාතික මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා කීවේ ඇමැතිවරයකු මෙසේ ප්‍රොටකෝල් සම්ප්‍රදාය කැඩීම වැරැදි බවයි.මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය සෘජු පිළිතුරක් නොදේ.