(බන්දු තඹවිට)
බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ සහෝදරයෙකු වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්තුන්ගල ,හැඩිගල්ල ජනපදයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.
දික්හේන විදුහලේ තිබී බෝම්බ සොයාගැනීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම වෙඩි බෙහෙත් සොයාගෙන ඇත.
එහිදී වෙඩි බෙහෙත් ග්‍රෑම් 900 ක් ,බැටරි කෑලි කීපයක් සහ යුද හමුදා කෑම බඳුන් වගයක් අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසින් සොයාගෙන ඇත.
මෙම සැකකරු දික්හේන විදුහලේ සිදුවීමට සැකපිට අත අඩංගුවට ගත් සැකකරුගේ බාල සොහොයුරා වන අතර තේ වගාවේ නිරතව සිටින ඔහු මීට පෙර ආරක්‍ෂක අංශ වලට සම්බන්ධව සිටියේදැයි පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත් බෝම්බ 13 ක් තැබීමේ සිද්ධියට සැකපිට අත් අඩංගුවට ගත් පුද්ගලයා මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවැසීය.

