
(ටී.කේ.ජී.කපිල)
ඩුබායි සිට මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක කොටසකට අඩුවෙන් තීරු බදු ගෙවා සහ තවත් භාණ්ඩ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනෙක් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා , පරිගණක , ජංගම දුරකථන සහ විස්කි බෝතල් තොගයක් සමග ඒවා රැගෙන ආ මොවුන් අතරින් එක් අයකු 42 හැවිරිදි ජා - ඇළ , උදම්මිට පදිංචිකරුවෙකි. අනෙක් ව්‍යාපාරිකයා 41 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි .
ඔවුන් අද දහවල් 11.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 350 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

