(රංජන් කස්තුරි)
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් අය කරන 24% ක බද්ද නැවත 12 % දක්වා අඩු කරන ලෙස බල කරමින් විශේෂඥ වෛද්‍යවරු මේ මස 18 වැනිදා සිට සති දෙකක කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමෙන් වැළකී සිටීමේ වෘත්ති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර සිටිති.
ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට අයත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් විශ්ව විද්‍යාලයන්හි සේවය කරන සහ සම්පුර්ණයෙන්ම පේද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන යන අංශ හතරට අයත් විශේෂඥ වෛද්‍යවරු එම ක්‍රියා මාර්ගයට එක්වන බව ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වෛද්‍යවරුන් ඇතුළු වෘත්තිකයින්ගෙන් මීට පෙර අයකරුනු ලැබුයේ ඔවුන්ගේ වාර්ෂික ආදායම මත 12% ක බද්දක් වන අතර නව බදු පනතින් එය 24% දක්වා ඉහළ දමා තිබෙන හෙයින් බලවත් අසාධාරණයක් සිදු කර ඇතැයිද වෛධ්‍ය විශේෂඥයින්ගේ සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෛද්‍යවරුන්ගේ ආදායම මත අයකරන 24% බද්ද 12% චක්වා අඩු කිරීම අමතරව දැනට රෝගීන්ගෙන් අයකරන 15% ක වැටි බද්ද ඉවත් කරන ලෙස ඉල්ලන බවද ඔහු කීවේය.