බදු ගෙවන්නන්ටත් තාක්ෂණයෙන් පිහිටක්


බදු පරිපාලනය තුළ ළුලදායිතාව සහ ඉහළ කාර්යක්ෂම සේවාවක් ලබාදිමේ  අරමුණින් ආදායම්  බදු  ගෙවන්නට  පහසුකම්  රැසක් පරිගණකය හරහා  ලබාදෙන රැමිස්  (ආදායම්  පරිපාලනය පිළිබඳ කළමණාකරණ තොරතුරු  තාක්ෂණ පද්ධතිය) ළඟදිම ක්‍රියාවට  නැංවෙන බව දේශිය ආදායම්  කොමසාරිස්  ජෙනරාල්  කල්‍යානි  දහනායක මහත්මිය පැවසුවාය.

ආදායම් බදු ගෙවන්නට  උද්ගතවන ගැටළු සඳහා  මෙම පද්ධතිය තුළින්  විසඳුම්  ලැබෙයි. උදාහරණයක්  දැක්වුවහොත්  එකම ගොනුව විගණනයට භාජනය වන බවට ඇතමුන්  චෝදනා  කෙරෙන අවස්ථාවන්වලදී නව ක්‍රමවේදය යටතේ  විගණනයට භාජනය විය යුතු  ගොනුව පද්ධතිය තුළින්  හඳුන්වා දෙයි. එම නිසා  එවන්  චෝදනා  ඉදිරිපත් වීම වැළකෙයි.

අන්තර්ජාලය හරහා  ආදායම්  බදු  ගෙවීමට හැකි  ඊ ගෙවීම්  ක්‍රමයත් , කෝල් සෙන්ටර්  ක්‍රමය ක්‍රියාත්මක විමත්  රැමිස් ක්‍රමවේදය තුළින්  සිදුවෙයි. මෙම කෝල්  සෙන්ටර්  සේවාව බෙහෙවින්  ඉදිරියෙන්  සිටින්නකි. ඒ  යටතේ  ආදායම්  බදු  හා  සම්බන්ධ පැන නඟින කාරණාවන්ට  ක්ෂණිකව විසඳුම්  ලබාගත හැකි  සේවාවකි.

සෑම බදු  වර්ගයක් සඳහාම අදාළ බදු  වර්ගයට  වෙන් වුණ සාරාංශ ගත වාර්තාවක්  සැපයෙයි.දැනට සැපයෙන්නේ සාරංශගත වාර්තාවක් වෙනුවට පිටු  ගානක වාර්තාවකි.

ආදායම් බදු  ගෙවන්නන්ට  තමන්ගේ  බදු  තොරතුරු  ලබාගැනිමේ හැකියාවද පරිගණක ඔස්සේ සිදු  කරගැනිමට  අවස්ථාව සැලසෙයි.