( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරකයන් ට ආධාර අනුබල දුන් බව ට සැකපිට අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවා තබා සිටින මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් වහා නිදහස් කරන්නැයි සිය නීතීඥවරු මාර්ගයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම මෙම මස 15 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) තීරණය කළේය .
විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එහිදී වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම් එදින කැඳවීමට එහිදී තීරණය විය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවෙට තීරණය කරන ලෙස පෙත්සම්කරු මෙම පෙත්සම් මගින් ඉල්ලා සිටියහ.
ඒ වෙනුවෙන් රුපියල් කෝටි පන්සියය බැගින් වන්දි මුදලක් ලබා දෙන්නැයි ද ඔවුන් වෙන්වෙන්ව ගොනු කල පෙත්සම් මගින් ඉල්ලා සිටිති.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය 111හී ස්ථානාධිපති, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති, එහි අධ්‍යක්ෂ, එහි නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති, සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

