(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය.

