(ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන්ට එරෙහිව පැමිණිලි ගොනු කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමය ඇතුළු තවත් සංවිධාන දෙකක නියෝජිතයෝ අද කොළඹ කොටුව පොලිස් මූස්ථානයට පැමිණ සිටියහ.
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල, සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් යන මහත්වරු පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණ සිටි අතර සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමියෝද පැමිණ සිටියහ.
මොවුන් සියලු දෙනා අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයට පැමිණ පැමිණිලි බාරදුන්හ.
(පිවිතුරු හෙළ උරුමයේ නායක නීතීඥ උදය ගම්මන්පිල)

(සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි)

(සිංහලේ ජාතික සංවිධානයේ ඩෑන් ප්‍රියසාද් )

