බදියුදීන්ගේ චෝදනා ගැන වාර්තාව සති දෙකෙන් දෙන්න’යි අගමැතිගෙන් ඉල්ලීමක්


(අංජුල මහීක වීරරත්න)
 
පාස්කු ඉරුදින ඇතිවූ සිද්ධිය සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ තේරිම් කාරක සභාවේ පළමු වාර්තාව සති 2 ක් තුළ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (23) ඉල්ලීමක් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම කළේ අදාළ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව පත් කිරීමත් සමඟය. 

කර්මාන්ත හා වාණිජ කටයුතු, සදාකාලික අවතැන්වූවන් නැවත පදිංචි කිරිමේ, සමූපකාර හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට මෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග 2 ක් ඉදිරිපත්ව ඇති බැවින් තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති 2 ක් තුළ දිය යුතු බව අග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමේ සඳහන්ය.
 
රජයට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ විට ඊට ප්‍රමුඛත්වය දීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය බැවින් තේරීම් කාරක සභා වාර්තාව ඉක්මණින් ලැබිය යුතු බව රජයේ ස්ථාවරය වී තිබේ.