(ඩී.ජී.සුගතපාල)
පුද්ගලයකුට පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් ශ්‍රී පොදුජන පෙරමුණේ බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි.
පසුගිය 12 වැනිදා වඳුරඹ පැවති මංගල උත්සවයකට සහභාගී වී එමින් සිටියදී සභාපති සහ තවත් පිරිසක් තරුණයකුට පහරදී ඇති අතර එහිදී තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව පරික්ෂණ පැවැත්වු පොලිසිය සැකකාර සභාපතිවරයා මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර අද (17) සවස සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

