බද්දේගම අධිකරණයේදී රැඳවියෝ 5 දෙනෙක් පළා යති


(දීපාල් ද සිල්වා)

බද්දේගම අධිකරණයේ  සිට  ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට නිමිතව සිටි රැදවියන් පස් දෙනකු  බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදි පැන ගොස් තිබේ.

අද (28) සවස හතරට පමණ  අධිකරණ භූමියේදී මෙම රැදවියන් පලාගොස් ඇත. 

පලා ගිය සැකකරුවන්  බද්දේගම  ප්‍රදේශයේ  සොරකම් ,හෙරොයින් ජාවාරම්, නිවාස කොල්ල කෑම් වැනි චෝදනාවන්ට ලක්ව බන්ධනාගාරගත කර සිටි පිරිසකි.

පැවැති මෙම නඩු වෙනුවෙන් බද්දේගම අධිකරණයට රැගෙන විත් නැවත  ගාල්ල බන්ධනාගාරයට රැගෙන යාමට සුදානම් වන අවස්ථාවේදී මොවුන් පැන ගොස් ඇත.