බතික් රාජ්‍ය ඇමැති බතික් ඇඳුමකින් එයි


(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (20) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ බතික් රෙදි යොදාගෙන මැසූ ජාතික ඇඳුමකින් සැරසීගෙනය.

රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා සිය ධූරයේ වැඩ භාර ගත්තේද බතික් රෙදිවලින් නිෂ්පාදිත මුහුණු ආවරණයක් හඳුන්වා දෙමිනි.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)