බත්තරමුල්ල ඉලක්ක කරගනිමින් ඉදිකරන දුම්රිය මාර්ගය මේ වසර අග


නිමල කොඩිතුවක්කු
 
බත්තරමුල්ල නගරය ඉලක්ක කරගනිමින් ඉදිකරන සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධතිය මෙම වසර අග භාගයේ දී ආරම්භ කරන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
 
එහි ප‍්‍රධාන ශක්‍යතා අධ්‍යනය , පරිසර අධ්‍යනය යනාදිය ජුනි මාසය වන විට සිදුකර අවසන් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
 
සෙත්සිරිපාය දෙවන අදියරේ පැවති බත්තරමුල්ල- කඩුවෙල සංවර්ධන සැලසුම එළි දැක්වීමේ අවස්ථාවට අද (05) එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
ජපන් ආධාර මත සිදුකරන මෙම ව්‍යාපෘතිය මගින් පැයකට 3000ක් එහා මෙහා ගෙන යෑමේ හැකියාව ලැබෙන බවද ඔහු කියා සිටියේය.
 
ව්‍යාපෘතියට සමගාමීව  දුම්රිය අංගනයට අමතරව කාර්යාල සංකීර්ණයක් සමඟ බස්රථ ඇතුලූ අනෙකුත් වාහන සඳහා නැවතුම් අංගනයක් ඉදිකිරීමට නියමිතය.