බණ්ඩාරවෙළත් කඳුළු ගෑස්
ප්ලාස්ටික් කූඩ නීතියට විරෝධය දක්වා බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි දෙදහසක් පමණ පිරිස සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ පස් දෙනෙක් තුවාල ලබා රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
පොලිසියට එළවළු හා ගල්මුල්වලින් දමාගැසූ උද්ඝෝෂකයන් විසිරැවීමට පොලිසිය කඳුළු ගැසීය.

