බණ්ඩාරවෙල තැන් දෙකකින් මළ සිරුරු දෙකක්


(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල පොලිස් වසමේ ස්ථාන දෙකක තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් අද 24 හමු වූ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.

බණ්ඩාරවෙල නායබැද්ද වත්ත ගෝනමොටාව මාර්ගයේ පැරණි තේ වගාවේ කානුවක් තුළ තිබී මළ සිරුරක් හමුවී ඇති අතර එම මළ සිරුර දකුණු කැබිල්ලවෙල බණ්ඩාරවෙල ලිපිනයේ පදිංචිව සිටි කුලසිංහ ආරච්චිලාගේ ප්‍රසාද් බන්දුල කුලසිංහ නමැති 37 වැනි වියේ පසුවන පුද්ගලයකු බවට හඳුනාගෙන ඇත.

බණ්ඩාරවෙල මීරියගහ හන්දිය වෙල්යායේ ඇළ මාර්ගයක් අසන්නයේ තිබී තවත් පිරිමි මළ සිරුරක් හමුවී තිබේ.

එම සිරුර මෙතෙක් හඳුනාගෙන නොමැති බවද පොලිසිය කියයි.

එසේම මෙම මරණ වලට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය කියයි.