ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසුන් තිදෙනෙකු රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා ඊයේ (06) නියෝග කළේය.
තමාට නඩු ඇසීමේ අයිතිය ඇතිවා සේම මාධ්‍යවේදීනට වාර්තා කිරීමේ අයිතිය තිබිය යුතු යැයි මහේස්ත්‍රාත් පැවසීය.
මේ සිසුන් අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස ක්‍රියා කළැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශිෂ්‍ය භට ඛණ්ඩය නිසා විද්‍යාලයයට විශාල කීර්තියක් පසුගිය කාලයේ ලැබුණු බව කී මහේස්ත්‍රාත්වරයා එම ශිෂ්‍ය භට ඛණ්ඩය නිසාම විද්‍යාලයයට දැන් අපකීර්තියක් වී ඇතැයි ද පැවැසීය. ගම්පහ දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය භට ඛණ්ඩ රැසක විවිධ අපචාර සිදු වන බව පෙනෙතියි ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
මාධ්‍යවේදීනට පහර දීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත් ලබන 24 වැනි දා නැවත පැමිණිල්ල කැඳවීමට නියෝග කළේය.

