
දිවංගත අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාගේ 123 වන ජන්ම දින සැමරුම අද (8) පෙරවරුවේදී කොළඹ ගාලු මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අබියස දී පැවැත්විණි.
එතුමාගේ දියණිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ හා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී පැමිණ සිටි මැති ඇමතිවරු පවුලේ ඥාතීන් එම අවස්ථාවට පැමිණ සිටි පිරිස් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ අයුරු මෙහි දැක්වේ
( ඡායාරූප ගයාන් අමරසේකර)




