බණ්ඩාරගමින් කොරෝනා ආසාදිත රෝගියෙක් හමුවෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා ආසාදිත රෝගියෙකු අද (19) හමුවූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

එම රෝගියා හමු වීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ දෙවැනි කොරෝනා ආසාදිත රෝගියා මෙම පුද්ගලයා බවත් මීට පෙර කලුතර දකුණ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.

රයිගම කොතලාවල උයන් වත්ත ප්‍රදේශයේ පදිංචි එම පුද්ගලයා සංචාරක මගපෙන්වන්නෙකි.

ඊයේ (18) ඔහුට උගුරේ වේදනාවක් සහ උණ රෝගී තත්ත්වයක් ඇති වීම හේතුවෙන් හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පසුව සංචාරක මගපෙන්වන්නෙක් බව දැන් ගත් පසු අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.