බණ්ඩාරගමින් අලි පැටියෙක් අල්ලයි


රහස් පොලිසිය ලබාදුන් තොරතුරක් මත වනජීවී නිලධරයෝ පිරිසක් අද (5) බණ්ඩාරගම, වීදියගොඩදී ව්‍යාපාරිකයකු සතුව සිටි අලි පැටවකු වනජීවී භාරයට ගත්හ.

ව්‍යාපාරිකයා අලි පැටවා වෙනුවෙන් ඉදිරිපත් කළ බලපත්‍රය ව්‍යාජ තොරතුරු සහිත එක්ක බව වනජීවී නිලධරයෝ කියති.

උස අඟල් 57 ක් පමණ වන අලි පැටවා අවුරුදු 4 ක් පමණ වයසැති බව කියති. අලි පැටවාගේ දකුණු කකුලේ තුවාල කැළලක්ද තිබූ බව වනජීවී කණ්ඩායමේ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

DSC08503 DSC08523 DSC08529 DSC08547 DSC08551 DSC08560 DSC08570 DSC08575 DSC08580 vlcsnap-2015-05-05-14h43m35s109

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ