(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රියක් බණ්ඩාරගම , මාරාවේ දී පොලිස් අණ නොතකා ධාවනය කරද්දී රථයේ සිටි සැකකරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාර සමග පොලිසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් පසුව සැකකරුවන් රිය හා ගිනි අවිය දමා පළාගොස් ඇති බවත් පොලිසිය කියයි.
රථයේ සිටි එක් ගවයකු සමග ටී 56 ගිනි අවියක් ද උල් පිහියක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දමා ගිය පාවහන් යුගළ 4ක් ද පොලිසිය සොයාගෙන ඇත. ඒ අනුව වෑන් රියේ සිව් දෙනකු සිටින්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි. සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක වේ.





