බණ්ඩාරගම මෙට්ට කම්හලේ ගින්න තවමත්


ඉරිදා ඇතිවූ බණ්ඩාරගම මෙට්ට කම්හලේ ගින්න මේ වනතුරු සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකිවී නැති බව පොලිසිය පවසයි.

14 දෙනකු යන්ත්‍ර අලුත්වැඩියාවේ නිරතව සිටියදී මෙම කම්හලේ ගින්න ඇතිවී ඇතැයිද ඔවුන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයිවෙට පරිසරයේ පවතින අධික රස්නය හේතුවෙන් ගින්නට හේතුව සෙවීම සඳහා රජයේ රස පරීක්ෂකට එම ස්ථානයට ළඟාවීමට මෙ‍තෙක් හැකිවී නැති බවද කියති.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු ඒ අවට පෙදෙස්වල ජල සාම්පල රැස්කිරීමටද කටයුතු කරන බවත් හැකි ඉක්මනින් ගින්න නිවා දැමීමට කටයුතු කරන ලෙසත් බලධාරීන්ට දන්වා ඇතැයිද ඉරිදා සවස හොරණ ප්‍රදේශයට වැටුණු වැසි ජලයට පවා මෙහි කළු දුමාරය එකතුවී කළු පැහැයක් ගැන්වී තිබු  බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි නිශ්ශංක සිල්වා මහතා පවසයි.

ගින්නෙන් රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුව ඇතැයිද කර්මාන්ත ශාලාවේ තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදි 2ක්ද සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී ඇතැයිද පොලිසිය කියයි.

DSC01996[1] DSC02001[1] DSC02011[1] DSC02028[1] DSC02030[1] DSC02050[1]