බණ්ඩාරගම පුස්තකාලයෙන් මුදල් සොරාගෙන


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මහජන පුස්තකාල කාර්යාලයේ තිබූ රුපියල් 73000ක් සොරකම් කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි.

දොර අඟුළු කිසිවක් නොකඩා මුදල් සොරකම් කර ඇති බැවින් මෙම කාර්යාලය අභ්‍යන්තර හොඳින් දන්නා අයකු සොරකමට සම්බන්ධ බවට පොලිසිය සැක පළ කරයි.