
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ,ව්‍යාජ නිල මුද්‍රාවක් ද භාවිතා කරමින් ඉඩම් කට්ටි සැලසුම් අනුමත කර මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් අද (14) පැමිණිල්ලක් ලැබී ඇතැයි පානදුර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.
අරුක්ගොඩ ප්‍රදේශයේ කාන්තාවක් බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වීථි රේඛා සහතික සහ නොපවරා ගැනීමේ සහතිකය ලබා ගැනීම සඳහා බණ්ඩාරගම අධිකාරි පත්තු උප කාර්යාලයට ඉදිරිපත් කළ ඉඩම් කට්ටි සැලැස්මක සභාපතිවරයාගේ නිල මුද්‍රාවේ හා අත්සනෙහි වෙනසක් ඇති බවට එම රාජකාරී කරන ලිපිකාරිනියගේ අවදානය යොමු වීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
එම ලිපිකාරිනිය , සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතාගේ අවදානයට එම ඉඩම් කට්ටි සැලැස්ම වෙත යොමු කිරීමෙන් අනතුරුව එම අත්සන ඔහුගේ නොවන බවත් , නිල මුද්‍රාව ද ව්‍යාජ එකක් බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව තවදුරටත් සිදුකළ මූලික පරීක්ෂාවේ දී එම බිම් කට්ටි සැලැස්ම සභාපතිවරයා විසින් අනුමත නොකර නිෂ්ප්‍රභ කරන ලද සැලැස්මක් බවට වැඩිදුරටත් අනාවරණය වීමෙන්
පසු සභාපතිවරයා විසින් මෙම පැමිණිල්ල කළ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

