බඩෝවිටදී පැහැර ගෙන වෙඩි තබා මරයි


ගිනි අවි රැගත් පිරිසක් දෙහිවල බඩෝවිටදී පෙර දින පැහැරගත් වැසියකුගේ සිරුර අත්තිඩිය ඇළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.

මාංචු දමා රැගෙන ගිය එම පුද්ගලයාට වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මිය ගිය පුද්ගලයා කුඩු ගනුදෙනුවලට සම්බන්ධ යැයි සොයන බව ද පොලිසිය පවසයි.