බඩු ලැයිස්තුවත් නෑ : බඩුත් නෑ


අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ යතුරු පැදි දෙකක්, ලැප්ටොප් දෙකක්, ඩිජිටල් කැමරාවක් හා පරිගණක මේස දෙකක් ද, භාණ්ඩ ලේඛනය ද අතුරුදන් වී ඇතැයි ලංකා ගුරු සංගමය රජයේ විගණකාධිපතිට හා අල්ලස් කොමිසමට පැමිණිලි කරයි. නව කලාප අධ්‍යක්ෂ කේ අබේසුන්දර මහතා පවසනුයේ කාර්යාලයේ බඩු ලේඛණ පොත ද අතුරුදන් වී ඇති බවයි. තමා වැඩ බාරගෙන මාස දෙකක්වත් නොවන බව ද ඔහු කියයි.