බඩු මිල එරෙහිව සජබය පාරට බසී


(අංජුල මහික වීරරත්න)

බඩු මිල අඩු කර ජනතාවට ජීවිත් වීමෙි අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී අද පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ.

සමගි ජන බලවෙිගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ප්‍රමුඛ මැද කොළඹ ජනතාව මෙම උද්ඝෝෂණයට සහභාගී වූ අතර "ස"ගේ ආණ්ඩුව ඉල්ලා අස්වෙනු,"බඩු මිල අඩු කරනු" "ජනතාවට පොහොර ලබා දෙනු" "කොරෝනා එන්නත ලබා දෙන දෙනු" ආදී සටන් පාඨ කියමින් ඔවුහු උද්ඝෝෂණය කළහ.

එහිදී අදහස් දක්වමින් මැද කොළඹ සංවිධායක මුජිබුර් රහුමාන් මහතා පැවසූයේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න වලට ඇහුම්කන් දුන්නේ නැතොත් ගම් දනව්වල ජනතාව කොළඹට පැමිණ ජනාධිපති ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය වට කරන දිනය වැඩි ඈතක නොවන බවයි.පැයක පමණ උද්ඝෝෂණයකින් පසු ඔවුහු විසිර ගියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)