(ඩබ්ලිව්.කීර්ති සහ හියුබට් ප්‍රනාන්දු)
බඩල්ගම ආඬිමුල්ලේ 10 හැවිරිදි රෝගි දරුවට නිසි ප්‍රතිකාර නොකර මිය යන තෙක් යාඥා කළ බව කියන මව ලබන 18 දෙක් රිමාන්ඩ් බාරයේ තැබීමටත් පියා සහ මිත්තනිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි.එන්.එල් මහවත්ත මහත්මිය නියෝග කළාය.
තුෂංගා මදුවත්ත නමැත්තිය රිමාන්ඩ් බාරයට පත් කළ අතර සුමිත් ජානක සහ පද්මනාදන් මාලනි යන අය ඇප මත මුදාහැරයාය.
රොගී වු තම දරුවාට වෛද්‍ය ප්‍රතිකාර නොකර නොසැලකිල්ලෙන් ක්‍රියාකිරීම නිසා දරුවා මිය ගොස් ඇති අතර මිය යාමෙන් පසුව ද දින දෙකක් පුරා නිවස තුළ සඟවා යාඥා කර ඇති බව අධිකරණයේදී කියැවිණි.

