බඩදරු අම්මලා ගැබ් පෙරහරට එක්වෙලා


වවුනියාව සෙට්ටිකුලමේදී සිංහල, දෙමළ හා මුස්ලිම් ගැබිනි මවුවරුන් 395 දෙනකුට රසමස්වුලෙන් සංග්‍රහ කිරීමට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපති පී.පීඑස්.ආර් සංජීව මහතා මුල්විය. මේ උත්සවයට ඇරියුම් ලැබූ මව්වරුන් පස්දෙනෙකුට ඊට සහභාගීවීම නොහැකිවිය. ඔවුහු දරුවන් බිහි කිරීම ඊට හේතුව විය.