(අංජුල මහික වීරරත්න)
සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
වෙළෙඳපොලේ ප්‍රමාණවත් බඩ ඉරිඟු තොග නොමැති වීම හේතුවෙන් කුකුළු කෑම නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍යවල හිඟයක් පවතින බව රජය පවසයි.ඒ සඳහා තාවකාලික පියවරක් ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000 ආනයනය කිරීම සඳහා රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාවට බලපත්‍ර ලබා දී ඇත.
ඒ අනුව ලියාපදිංචි විදේශ සැපයුම්කරුවන් වෙතින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 15000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

