හොරණ තානායමක සිදුවූ ගැටුමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති රෝහණ කුලසිරි මහතා රුපියල් දස දහසක මුදල් ඇපයක් හා ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා නියෝග කළේය.
එම ගැටුමේ දී තුවාල ලැබූ පුද්ගලයෙක් කොළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.