බටපොල වෙඩි තැබීමකින් 5කට තුවාල


තරිඳු ජයවර්ධන, ජනත් ද සිල්වා සහ සුසිල් ප්‍රියන්ත

බටපොල ඊරියපිටියේදී සිදුවූ වෙඩි තැබීමකින් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

තුවාලකරුවන් අතර පියෙක් සහ දරු තිදෙනෙක් ද සිටිති.

පියාගේ මෝටර් රථයේ දෝෂයක් ඇති වී ඇති අතර එය සෑදීමට ගරාජ්කරුවකු ගෙන්වාගෙන තිබේ. ඔහු මෝටර් රථය සෑදීමෙන් පසු එම මෝටර් රථයෙන්ම ඔහු යළි ඇරලවීමට තම දරු තිදෙනාද සමඟ යද්දී ඊරියපිටිය පිට්ටනිය අසලදී වෙඩි තැබීම සිදුවී ඇත.

වෙඩි තැබීමෙන් පස් දෙනාම තුවාල ලබා ඇති අතර සිව් දෙනෙක් බලපිටිය රෝහලේ ද, එක් අයෙක් බටපොල රෝහලේද ප්‍රතිකාර ලබති.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.

 

ඡායාරූප - දිපාල් ද සිල්වා