බක්ස්ගේ දකුණ ශාර්ක්ස් පිල අපරාජිත වාර්තාව රැකගනී


තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) දෙවැනි අදියරේ පළමු දිනය වන අද (5) තේ විවේකය වන විට පළමු අදියරේ ශූරයන් බවට පත්වූ ශ‍්‍රී ලංකා පිලේ හිටපු සෙන්ටර් ක‍්‍රීඩක අම්ජාඞ් බක්ස්ගේ නායකත්වයෙන් යුත් දකුණ ශාර්ක්ස් පිල අපරාජිත වාර්තා රැුක ගැනීමට සමත්ව සිටියේය. පළමු අදියරේදී අනු ශූරයන් බවට පත්වූ මධ්‍යම කිංග්ස් පිල යාපනය චැලෙන්ජර්ස් පිල හමුවේ ලකුණු 21-17 ක් ලෙස පරාජයට පත්වීම කැපී පෙනුණි. තරග ප‍්‍රතිඵල
  • දකුණ ශාර්ක්ස් පිල විසින් බස්නාහිර වෝරියස් පිල පරාජය කරන ලදී (45-5)
  • සබරගමුව ස්ටැලියන්ස් පිල විසින් නැගෙනහිර ඊගල්ස් පිල පරජය කරන ලදී (21-12)
  • මධ්‍යම කිංග්ස් පිල විසින් වයඹ බ්ලැක්ස් පිල පරාජය කරන ලදී (26-5)
  • ඌව විපයිස් පිල විසින් යාපනය චැලෙන්ජර්ස් පිල පරාජය කරන ලදී (17-14)
  • බස්නාහිර වෝරියස් පිල විසින් උතුර ග්ලැඩියේටර්ස් පිල පරාජය කරන ලදී (26-19)
  • දකුණ ශාර්ක්ස් පිල වසින් සබරගමුව ස්ටැලියන්ස් පිල පරාජය කරන ලදී (27-12)
  • වයඹ බ්ලැක්ස් පිල විසින් උතුරු මැද ටයිපෝන්ස් පිල පරාජය කරන ලදී (27-0)
  • යාපනය චැලෙන්ජර්ස් පිල විසින් මධ්‍යම කිංග්ස් පිල පරාජය කරන ලදී (21-17)